පහත සදහන් පරිදි අංශ 6 යටතේ තරගය පැවැත්වේ.
1 විවෘත වර්ණ
2 විවෘත ඒක වර්ණ
3 ස්වභාදහම් සහ වනජීවී විවෘත
4 ජංගම දුරකතන ඡායාරූප විවෘත
5 ආධුනික අංශය වර්ණ
6 විවාහ මංගල්‍ය ඡායාරූප විවෘත
සෑම
අයදුම්කරුවකුටම(ආධුනික අංශයට ඉදිරිපත්වන
අයදුම්කරුවන් හැර) ඉහත දැක්වෙන තරග අංශවලින් උපරිම අංශ පහකට
ඉදිරිපත් විය හැකි අතර එක් අංශයකට උපරිම වශයෙන් කෘතීන් හතර බැගින්
ඉදිරිපත් කළ හැකිය.
එක් ඡායාරූපයක්
ඉදිරිපත් කළ හැක්කේ එක් තරග අංශයකට පමණි. මීට පෙර පැවැත්වූ මොනයම් හෝ ඡායාරූප ප්‍රදර්ශනයකට
ඉදිරිපත් කර ත්‍යාග හා කුසලතා
ලද ඡායාරූප මෙම තරඟයේදී විනිශ්චයන් ලබාදීම
සඳහා ඉදිරිපත් නොකෙරේ.ඒ වගේම ලබා ගන්නා සියලුම ඡායාරූප දේශීයව ලබා ගත් ඡායාරූප විය
යුතුය. කෘතීන් ඉදිරිපත් කරන්නා වූ අංශය සදහා නොගැලපෙන අවස්ථාවන් හා නීතියට පටහැනිව
පවතින කෘතීන් විනිශ්චය සදහා ඉදිරිපත් නොකෙරේ.
සොබාදහම් ඡායාරූප
නිර්වචනය
මානව විද්‍යාත්මක
හා පුරා විද්‍යාත්මක අංශ හැර ස්වභාවික පැවැත්මේ අන් සියලුම ක්ෂේත්‍රයන්ට අදාළ
තොරතුරු ඡායාරූප මාධ්‍යය ඔස්සේ සත්‍ය ලෙස ඉදිරිපත් කෙරෙන කෘතීන් සොබාදහම් ඡායාරූප
ගණයට ඇතුලත්වේ.කිසියම් සොබාදහම් වස්තු විෂයයක් හා සමග සංඝටනීය ලෙස බද්ධව පවතින්නේ
නම් හැර, මානව රූප එවැනි ඡයාරූපවල අඩංගු නොවිය යුතුය.මිනිස් ක්‍රියාකාරකම්
හේතුවෙන් ස්වභාවය වෙනස්වූ පරිසර පද්ධති වල වෙසෙන සතුන්‍ගේ චර්යාවන්, සුලි සුලං මුහුදු රල උදම් වැනි ස්වභාවික
සංසිද්ධීන් නිරූපනය කෙරෙන ඡායාරූපද, සොබාදහම් ගණයට අයත් ලෙස සැළකේ.සත්ත්ව විද්‍යාත්මක
අවශ්‍යතාවයන් උදෙසා ගෙලෙහි විවිධ උපාංග පළදවා ඇති වන සතුන් දැක්වෙන ඡායාරූපද ඊට
අයත්වේ. එහෙත් මිනිසා විසින් නිර්මිත
දෙමුහුම් ශාඛ,මිනිසා විසින් හීලෑ කොට පසුව වනගතවූ සතුන්, ගෘහාශ්‍රිත සතුන්
ආදිය දැක්වෙන ඡායාරූප ඒ සදහා ඉදිරිපත් කළ නොහැක.
කොටස් කපා හැරීම(Cropping)හැර, සොබාදහම් අංශයට ඉදිරිපත් කරන ඡායාරූපයකට
බාහිර අරමුණු එක්කිරීම,පවතින අරමුණු යළි ස්ථානගත කිරීම, ඉවත් කිරීම ආදී කිසිදු
සංස්කරණයක් නොකළ යුතුය. ඡායාරූපයක විචිත්‍රමය ස්වභාවයට සහ එහි අන්තර්ගතයට බලපෑමක්
ඇති නොවන ආකාරයට එහි ප්‍රකාශනාත්මක හා තාක්ෂණික ගුණය වැඩි කිරීම සදහා සිදු කරනු
ලබන දවාහැරීම සහ ආවරණය (Burning and Dodging) , නාභි
ආකලනය (Focus Stacking), අධි ගතික
පරාස පරිනාමනය (HDR Transformation) ආදි
ශිල්පක්‍රම භාවිතය අනුමත කෙරේ. දුහුවිලි ලප, රූප ඝෝෂාව (Noise), පටලයේ
සීරීම් ආදී දොස් සමනය කිරීම සදහා සිදුකරනු ලබන සංස්කරණයන් ද එලෙස ඉඩ දිය හැකි
කාර්ය්‍යන්වේ. එවැනි ඉඩ දී ඇති සංස්කරණයන් රූපවල ස්වාභාවික පෙනුම පවතින ආකාරයට
සිදුකළ යුතුය.
·
සියලු කෘතීන්වල මුල් නිර්මාණ ඡායාරූපමය
ක්‍රියාදාමයන් ඔස්සේ ලබාගත් ඒවා විය යුතු අතර තමන් ඉදිරිපත් කරනු ලබන කෘතීන්හි
සමස්ත ප්‍රකාශන හිමිකම අයදුම්කරු සතු විය යුතුය. අයදුම්කරුවන්ගේ ප්‍රසිද්ධ කරනු
ලබන ඡායාරූපවල ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් උද්ගතවන නෛතික ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී
ලංකා තෙවන ඇස ඡායාරූප හා මාධ්‍ය ශිල්පීන්ගේ සංගමය කිසිදු වගකීමක් නොදරන බව ද
සැලකිය යුතුය.
·
ඡායාරූප ගොනු කිරීමේදී පහත දැක්වෙන
අන්දමට නාමකරණය කොට ඉදිරිපත් කළ යුතුය.
තරග අංශය-අයදුම්කරුගේ නම-කෘතියේ මාතෘකාව.jpg
උදාහරණ
විවෘත වර්ණ-ගිහාන් ප්‍රනාන්දු-ජීවිතය.jpg
open colour-gihan fernando-life.jpg
·
කෘතීන් විනිශ්චයේදී අයදුම්කරු පිළිබඳ
තොරතුරු කිසිවක් තේරුම් කමිටුවට ලබා දෙන්නේ නැත.
·
සියලුම ඡායාරූප JPEG ගොනු ආකෘතිය යටතේ ඉදිරිපත් කළ යුතුය. ඡායාරූපයේ තිරස් දිශාවට උපරිම
පික්සල් 1920 ප්‍රමාණයක්ද සිරස් දිශාවට එය 1080 ක්ද විය යුතුය. Portrait හෙවත් සිරස් ප්‍රකාරයේ
ඡායාරූපවල සිරස් දිශාවට උපරිම පික්සල් ප්‍රමාණය 1080 නොඉක්ම විය යුතුය. රූප ගොනුවක
ප්‍රමාණය මෙගා බයිට් 2 (2MB) නොඉක්ම විය යුතුවේ. රූප ප්‍රක්ෂේපණය කිරීමේදී පසුබිම් වර්ණය වන්නේ කළු
පැහැයයි. ජංගම දුරකථන ඡායාරූප අංශයට කෘතීන් ඉදිරිපත් කරන අයදුම්කරුවන් තම ඡායාරූපවල
මූලික දත්ත(Meta Data) සුරැකෙන පරිදි ඒවා ඉදිරිපත් කළ
යුතුවේ.
·
මෙම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා කෘතින්
ඉදිරිපත් කිරීම මගින් ප්‍රදර්ශන නාමාවලියේ හෝ අන්තර්ජාලයේ පළ කිරීම සහ වෙනත්
මාධ්‍ය අවශ්‍යතාවයන් සඳහා සිය කෘතීන් කොටස් හෝ සම්පූර්ණ වශයෙන් යොදා ගැනීමේ අවසරය
සංවිධායකයින් වෙත ලබා දී ඇති බව සලකනු ලැබෙයි.
·
සෑම තරග අංශයක් සදහාම ප්‍රථම,දෙවන හා
තෙවන ස්ථාන වලට අමතරව කුසලතා සහතික 5ක් ලබා දෙනු ලැබේ.
·
කෘතීම බුද්ධිය භාවිත කොට නිර්මාණය කරන
ලද කෘතීන් ඉදිරිපත් කරනු ලබන ආයදුම්කරුවන් සමස්ත තරඟයෙන්ම ඉවත් කෙරෙනු ඇත.
·
මෙම තරඟය සඳහා අයදුම් කිරීම මෙහි දක්වා
ඇති සියලුම කොන්දේසි වලට එකඟතාව ඵලකර ඇති බවට පිළිගනු ලැබේ.
·
අයදුම්කරු විසින් සපයනු ලබන සියලුම
විස්තර සත්‍ය සහ නිවැරදි විය යුතුය.
|
ආධුනික අංශය ඇතුලත්වීමේ ගාස්තු |
|
|
ආධුනික අංශය සදහා |
400 |
·
ආධුනික අංශවලට කෘතීන් ඉදිරිපත් කරන
අයදුම්කරුවන් තම අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කරන ලද හැඳුනුම්පතෙහි/ සාමාජික කාඩ්
පතයෙහි පිටපතක් ඉදිරිපත් කළ යුතුය. පාසල් අයදුම්කරුවන් පන්තිභාර ගුරුවරයා/
ගුරුවරිය විසින් පාසල් මුද්‍රාව සහිතව නිකුත් කරන ලද සහතික කිරීමේ ලිපියක්
ඉදිරිපත් කළ යුතුවේ.
|
විවෘත අංශය ඇතුලත්වීමේ ගාස්තු |
|
|
විවෘත වර්ණ |
500 |
|
විවෘත ඒක වර්ණ |
500 |
|
සොබාදහම් සහ වන ජීවී |
1000 |
|
ජංගම දුරකථන ඡායාරූප |
500 |
|
විවාහ මංගල්‍ය ඡායාරූප |
1000 |
කෘතීන් ඉදිරිපත්
කිරීම
නිසි ආකාරයෙන් නාමකරණය කරන ලද රූප
ගොනු පහත ගූගල් පෝරමය මගින් එවිය යුතුය.
https://forms.gle/aqXzmzDD4WtdHsFL8
Raw Files
සියලුම
විවෘත අංශ වලට අයත් කෘතීන් ඉදිරිපත්කර ජයග්‍රහනය කරන කෘති වල Raw Files “WeTtransfer”
හෝ “Google Drive”
ක්‍රමවේය ඔස්සේ thewanaesa98@gmail.com යන
විද්‍යුත් ලිපිනයට එවිය යුතුය. එසේ එවීමට අපොහොසත් වන අයදුම්කරුවන් තරගයෙන් ඉවත්
කරනු ලැබේ.
ගෙවීම් සිදුකිරීම
ඇතුලත්වීමේ ගාස්තු පහත දැක්වෙන බැංකු ගිණුමට
ගෙවිය යුතුය.
ගිණුමේ වර්ගය -
ජංගම ගිණුම
ගිණුම් අංකය - 024100140011874
ගිණුමේ නම -
THWANAESA PHOTOGRAPHY & MEDIA
බැංකුවේ නම - මහජන බැංකුව
ශාඛාව -
හලාවත
·
මුදල් ගෙවීම් පෝරමයේ අයදුම්කරුගේ නම සහ
ගෙවීම් සිදුකිරීමේ හේතුව ලෙස “තෙවන ඇසට 20යි” යනුවෙන් සඳහන් කර තිබීම අත්‍යාවශ්‍යය. එමෙන්ම
ඇතුළත් වීමේ ගාස්තු නොගොවා ඉදිරිපත් කරනු ලබන කෘතින් විනිශ්චය සඳහා ඉදිරිපත් නොකරන
බව සංවිධායකයින් කනගාටුවෙන් දන්වා සිටී. මෙම ප්‍රදර්ශනය සහ තරඟය සඳහා කෘතීන්
ඉදිරිපත් කිරීම මෙහි සඳහන් සියලුම නීති සහ කොන්දේසි වලට එකඟ වීමක් ලෙස සැලකේ.
නිරංග පීරිස් කසුන්
අත්තනායක ඉන්දික
උදයසිරි
ලේකම් ප්‍රදර්ශන
ලේකම් සභාපති
0777893898
0779038975
0706624577
ශ්‍රී ලංකා තෙවන ඇස ඡායාරූප හා
මාධ්‍ය ශිල්පීන්ගේ සංගමය

